― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalකාටවත් නිකන් කන්න දෙන්න රජය සූදානම් නෑ - ජනපති

කාටවත් නිකන් කන්න දෙන්න රජය සූදානම් නෑ – ජනපති

කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැති බවත් වැඩකළ නොහැකි සියලුදෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) අනාරාධපුරයේ සංචාරයක නිරත වෙමිනි.

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් ජනපති වික්‍රමසිංහ කියා සිටියේ බෙදී සිටී කාලය දැන් අවසන් බැවින් සියලු දෙනා එක්ව රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ නොපමාව ගතයුතු බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම ප්‍රකාශ කළේ බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බවයි.