30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබේරේ වැවෙන් මන්ත්‍රී නාවපු අයෙක් කොම්පඤ්ඤ වීදියේදී කොටු

බේරේ වැවෙන් මන්ත්‍රී නාවපු අයෙක් කොම්පඤ්ඤ වීදියේදී කොටු

පසුගිය මැයි 09 වනදා ඇති වූ කලහාකාරී සිද්ධීන් අතරතුර, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ මුදල් පසුම්බිය කොල්ලකා ඔහුව බේරේ වැවට තල්ලු කළ බව කියන කණ්ඩායමේ සිටි පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොම්පඤ්ඤ වීදිය – වෑකන්ද පාර ප්‍රදේශයේ දී අදාල පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මැයි 09 වන දින මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටිය දී සැකකරු ඇතුළු පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී බස් රථයෙන් බස්සවා ඔහු සතුව තිබූ මුදල් කොල්ල කා අනතුරුව බේරේ වැවට තල්ලු කර දමා ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය පැවසුවේ.