31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිංගප්පූරුවේ සමරිසි තහනම ඉවතට

සිංගප්පූරුවේ සමරිසි තහනම ඉවතට

සිංගප්පූරුව විසින් සමරිසි තහනම ඉවත්කරමින් එය නීති ගත කර තිබෙනවා.

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් විසින් එරට රූපවාහිනිය ඔස්සේ ඊයේ (21) මේ බව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

වසර ගණනාවක් පුරා පැවති දැඩි වාද විවාදවලින් අනතුරුවයි සිංගප්පූ රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම තීරණයත් සමඟ ඉන්දියාව, තායිවානය සහ තායිලන්තයට පසුව සමරිසිභාවය (සමලිංගිකත්වය) නීති ගතකළ ආසියාතික රට බවට සිංගප්පූරුව පත්වනවා.

එරට අග්‍රාමාත්‍යවරයා මෙය නිවේදනය කරමින් වැඩිදුරටත් සඳහන් කළේ “මෙය කළ යුතු නිවැරදි දෙයක් සහ බොහෝ සිංගප්පූරු වැසියන් පිළිගන්නා දෙයක්” බවට තමන් විශ්වාස කරන බැවින් මෙම නීතිය අහෝසි කරන බවයි.

සිංගප්පූරුවේ LGBT ක්‍රියාකාරීන් විසින් මෙම පියවර ‘මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක්’ ලෙසයි සඳහන් කර ඇත්තේ.