28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුවක් පෙරලනවා නම් කමක් නෑ.. රජය පෙරලනවා නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්

ආණ්ඩුවක් පෙරලනවා නම් කමක් නෑ.. රජය පෙරලනවා නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්

ආණ්ඩුවක් පෙරලනවා නම් කමක් නෑ. රජය පෙරලනවා නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්” බව රවී කරුණානායක පැවසීය.

රවී කරුණානායක මේ බව සඳහන් කළේ කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ දිළිඳු ජනතාව වෙත වව්චර් පත් බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ත්‍රස්තවාදී පනත් පිළිබඳව මේ බව දිනවල කතා වෙනවා. ආණ්ඩුවක් පෙරලනවා නං කමක් නෑ. රජය කරලා නෑ. ඉඩ දෙන්න බෑ ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඇත්ත කියන අයට මේ රටේ ඉඩක් නෑ. අපි ඇත්ත කිව්වා. ඒ නිසා අපිව පරාජය කළා. රුපියල් 122ට පෙට්‍රල් දුන්න කාලේ රුපියල් දෙකක් වැඩි කළාම සමහරු ගොන් කරත්තවල ආවා. දැන් 450ට පෙට්‍රල් ගහනවා. ගෝල්ෆේස් එකේ එක එක පැල වගා කරල තියෙනවා. ඇයි ඒගොල්ලන්ට බැරි කුඹුරක් වගා කරලා අස්වැන්න ගන්න. මේක මැතිවරණයක් තියන්න කාලයක් නෙමේ. අපි සේරම එකතු වෙලා ගොඩ ගන්න ඕන කාලයක්.