26.1 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාකච්ඡා සාර්ථක වුණොත් IMF ණය දෙසැම්බර් ලැබෙන ලකුණු

සාකච්ඡා සාර්ථක වුණොත් IMF ණය දෙසැම්බර් ලැබෙන ලකුණු

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන දෙසැම්බර් මාසයේදී එම මුදල් ලබාදීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසීය.

මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මාධ්‍යයකට අදහස් දක්වමිනි.

ගිවිසුමට අනුව ණය ලබාදීමේ කාලසටහන තීරණය කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය සහ විදේශ ණය දෙන්නන් සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් නිල මට්ටමින් ඇතිකරගත් එකඟතාව සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාවට මුදල් ලබාගත හැකි බව එම සාකච්ඡාවේදී නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.