පුද්ගලයකුගේ රන් මාලයක් හා ජංගම දුරකථනයක් සොරකම් කළ පොලිස් නිලධාරින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොට්ටාව විද්යාල හන්දියේදී තරුණයෙකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළවයි.
සැකකාර පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු වන අතර අදාළ කොල්ලකෑමට යොදාගත් ත්රීරෝද රථය, කොල්ල කන ලද රන් මාලය සහ ජංගම දුරකථනය පොලිසිය විසින් මේ වන විට සොයාගෙන තිබෙනවා
කොට්ටාව විද්යාල හන්දියේ පිහිටි සිය සහෝදරියගේ නිවසට පැමිණෙමින් සිටි මෙම තරුණයාව, එම නිවස ඉදිරිපිට මාර්ගයේ දී වෙනත් මාර්ගයක් අසන මුවාවෙන් තරුණයා අසලට පැමිණ ඔහු කර බැඳි රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පලාගොස් තිබෙනවා.
සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.