27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනා තංගල්ල බන්ධනාගාරයට!

අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනා තංගල්ල බන්ධනාගාරයට!

අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ කැලණිය විශ්ව විද්‍යාලයේ හෂාන් ගුණතිලක යන තිදෙනා ඊයේ (22) රාත්‍රියේදී තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

මෙම සිසුන් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (22) ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ අතර ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.

අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම සිදුකර තිබුණ අතර ඉන් අනතුරුව අධිකරණයකට ඉදිරිපත් නොකර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කර තිබුණි.