― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalචීන පොහොර නැවට ගෙවපු ලක්ෂ 69 ආයේ අපිට ගන්න බෑ

චීන පොහොර නැවට ගෙවපු ලක්ෂ 69 ආයේ අපිට ගන්න බෑ

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් චීන පොහොර නැවට ගෙවීම් සිදුකළ රුපියල් ලක්ෂ 69ක මුදල නැවත ලබා ගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

චීන පොහොර නැවට ලක්ෂ 69ක ගෙවීමක් කරලා තියෙනවා. අපි සල්ලි දීලා තියෙනවා. දැන් පොහොරත් නෑ. සල්ලිත් නෑ. මේක විසඳගන්න පුළුවන් තත්ත්වයක් පේන්නත් නෑ. ඇත්තටම මගේ පළමුවෙනි උත්සාහය වුණේ මේ මුදල අපිට ආපහු ගන්න පුළුවන්ද කියලා. නමුත් ඒක සාර්ථක වන බවක් පේන්න නෑ. අපේ රටට පාඩුවක් වෙලා කියලා අපිට පිළිගන්න වෙනවා.”