25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලෝකේ ඉන්න ශක්තිමත්ම නායකයා තමයි රනිල් - වජිර අබේවර්ධන

ලෝකේ ඉන්න ශක්තිමත්ම නායකයා තමයි රනිල් – වජිර අබේවර්ධන

රට ගොඩනැඟිය යුතු කාලය එළඹ ඇති බවත් රනිල් වික්‍රමසිංහ ලොව සිටින ශක්තිමත්ම නායකයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (24) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව බංකොලොත් කියා සීල් ගැහුවේ කවුදැයි වහාම සොයා බැලිය යුතු බවයි.

ලෝකයේ ප්‍රබලම නායකයා විනාශ කිරීමට ඇතැම් අයට උවමනා ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ රට බංකොලොත් කිරීම විදේශ රටකට අවශ්‍ය පරිදි සිදු කළේ දැයි සොයා බැලිය යුතු බවයි.

පසුගියදා මන්දිරවලට ඇතුළු වෙමින් ඒවා විනාශ කළ අය සොයා ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු බවත් මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය ලෝකයේ ලැජ්ජාවට පත් වන තත්ත්වයකට පැමිණ ඇති බවත් ප්‍රකාශ කළේය.