29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකඳුකර කොටියාගේ මරණයට හේතුව හෙළිවෙයි

කඳුකර කොටියාගේ මරණයට හේතුව හෙළිවෙයි

පසුගියදා හැටන්, සමර්හිල් වතු යායේ තේ වත්තකදී මන්දකට හසු වී ගසක් මත සිරව සිටි කඳුකර කොටියා ජීවිතක්ෂයට පත්වීමට හේතුව අනාවරණය වී තිබේ.

කොටියා කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම හේතුවෙන් සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය නිසා මරණයට පත් වූ බව කොටියා සම්බන්ධව පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාවේ සඳහන්ව ඇත.

එම විමර්ශනවලින් වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ කොටියා ගසට යටවී නොමැති බවයි.

කෙසේ වුවද කොටියා බේරාගැනීම සඳහා ගස කපා දැමීම අනුමත නොකරන බවත් මෙවැනි දුෂ්කර ස්ථානයක අනතුරට ලක්ව සිටින සතෙකුගේ ජීවිතය ‌බේරා ගැනීම සඳහා අවම පහසුකම් යටතේ වෙනත් විකල්පයක් නොමැති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ කමිටුව විසින් කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් එම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.