― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsජෝ බයිඩන්ගෙන් එරට ශිෂ්‍යයින්ට සහනයක්

ජෝ බයිඩන්ගෙන් එරට ශිෂ්‍යයින්ට සහනයක්

අධ්‍යාපනය සඳහා ඇමරිකානුවන් ලබාගෙන ඇති ණය කපා හැරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා. මෙම තීරණය අනුව අධ්‍යාපන කටයුතු සඳහා ලබාගෙන ඇති ණය ඇමරිකානු ඩොලර් 10,000 කින් කපා දැමෙනු ඇත.

මීට අමතරව දැඩි ආර්ථික දුෂ්කරතාවලට ලක්ව සිටින සිසුන්ට ලබා දී ඇති ණය ඩොලර් 20,000 කින් අවම වනු ඇත. ඒ සඳහා සලකා බැලෙන වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් 125,000 කි.

මෙම තීරණය හේතුවෙන් ණය කන්දකට සිර වී සිටින ඇමරිකානුවන්ට යම් සහනයක් ලැබෙනු ඇති බවයි බයිඩන් ජනාධිපතිවරයා පවසන්නේ.

ඇමරිකානු රජයේ ඇස්තමේන්තුවලට අනුව ඇමරිකානුවන් මිලියන 43 කට වැඩි පිරිසක් අධ්‍යාපනය වෙනුවෙන් ලබාගෙන ඇති සමස්ත ණය මුදල ඩොලර් ට්‍රිලියන 1.6 ඉක්මවයි. මෙම මිලියන 43 න් 20% ක පමණ සිසුන් පිරිසක් ඩොලර් 10,000 බැගින් හෝ ඊට අඩු මුදලක් ලබාගෙන තිබේ.

ඇමරිකාව ඇතුළු සංවර්ධිත රටවල සිසුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා රජයෙන් ණය ලබා ගත හැකි අතර රැකියාව කරන අතරතුර වාරික වශයෙන් ණය ගෙවීමේ හැකියාව පවතී.