31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ඖෂධ තොගයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ඖෂධ තොගයක්

හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් ගෙබ්‍රීසියස් මේ බව ප්‍රකාශ කර තිබේ.

ලංකාවට ලබාදෙන අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර බෙදා හැරීම් සිදු කෙරෙන දින සහ නාමලේඛන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ප්‍රසිද්ධ කරනු ඇති බවද එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙයි.

කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික පීඩනය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා බවත් ගෝලීය ආහාර සහ තෙල් මිල ඉහළ යාම, අවදානමට ලක්විය හැකි ප්‍රජාවට ප්‍රධාන අභියෝගයක් බවත් එම අභියෝග කාලසීමාවේදී ශ්‍රී ලංකාවට පහසුකම් සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් බව ගෙබ්‍රීසියස් මහතා ජනාධිපතිවරයා වෙත සඳහන් කර ඇත.