― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයට වඩා වැඩි මිලකට වී මිලදී ගන්න මම සූදානම්

රජයට වඩා වැඩි මිලකට වී මිලදී ගන්න මම සූදානම්

මහා පරිමාණ හා සුළු පරිමාණ වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

වී මිල සම්බන්ධව සහ වී මෝල් හිමියන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර මෙම අවස්ථාවට මහා පරිමාණ වී මෝල් හිමිකරුවෙකු වන ඩඩ්ලි සිරිසේනද එක්ව සිටියේය.

ඩඩ්ලි සිරිසේන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.

වී මෝල් හිමියන් මෙහිදී ප්‍රකාශ කළේ පිටරටින් සහල් ගෙන ඒම නවත්වන ලෙස සහ කෘෂිකර්ම අමාත්‍යවරයා සහ වෙළඳ අමාත්‍යවරයා අතර එකඟතාවයක් මත කටයුතු කළ යුතු බවයි.

එසේ නොවුණහොත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ඩඩ්ලි සිරිසේන පෙන්වා දුන්නේය. රජය මගින් උපරිම මිලකට වී මිලදී ගන්නා අතර තමන් ඊට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීමට සූදානම් බව ඩඩ්ලි සිරිසේන සාකච්ඡාවෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යන විට සඳහන් කළේය.