32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලොවෙත් නැති ගෙවීමක් ගැන ජනක රත්නායකගෙන් හෙළිදරවුවක්

ලොවෙත් නැති ගෙවීමක් ගැන ජනක රත්නායකගෙන් හෙළිදරවුවක්

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සඳහා ලොවෙත් නැති අමුතුම ගෙවීමක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අනාවරණය කර තිබේ.

හෙතෙම මේ බව හෙළිදරවු කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකට එක්වෙමිනි.

වැටුප් වලට විතරක් නෙවෙයි. දැන් මේකෙ තියෙනවා – මට මේක ඊයෙ පෙරේදා මේ දැනගන්න ලැබුණෙ – සාමාන්‍යයෙන් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට අර්ථසාධක අරමුදල්. EPF සහ ETF. ඒකනෙ සාමාන්‍ය ක්‍රමය. නමුත් ඔබ දන්නවාද මේකෙ ඉන්න අවුරුදු 20ක් වැඩකරන සියලුම සේවකයින්ට එයාලාගෙ පඩියෙන් තුනෙන් එකක්, එයාලා ජීවත්වෙන තාක් කල් විශ්‍රාම වැටුපක් ගෙවනවා කියලා ? කොයි රටේද EPF සහ ETF ගෙවලා මේ මහජනතාව දෙන සල්ලිවලින් පෙන්ෂන් එක්කුත් ගෙවන්නෙ ? මං හිතන්නෙ මේ මොඩ්ල් එක විශ්ව විද්‍යාලවලත් අධ්‍යනය කරන්න ඕනෙ, මොකද මේක අමුතුම මොඩ්ල් එකක්. මේක ලොකුම ලංකාවෙ තියෙන ආයතනය, මෙහෙම ගියොත් එහෙම මේක කඩාවැටිලා ලංකාවේ විදුලිය පැය 24ම නැතිවෙන තත්වයක් එයි ඉදිරියේදී.”