අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටීම නීතිවිරෝධී යැයි තීන්දු කොට ඔහුගේ රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ඔහුගේ නීතිඥවරු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා, ත්‍රස්ත මර්ධන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.