― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅනේ දෙයියනේ මට නම් ඔය අගමැතිකම එපා - මෛත්‍රීපාල සිරිසේන

අනේ දෙයියනේ මට නම් ඔය අගමැතිකම එපා – මෛත්‍රීපාල සිරිසේන

තමාට අගමැතිකම ගන්න අවශ්‍ය නැති බවත් ආණ්ඩුව හා සම්බන්ධ වීමට කිසිදු නිදහස් පක්ෂ සාමාජිකයෙකුට තමා අවසරයක් ලබාදී නොමැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) මහරගම පැවති ආසන ක්‍රියාකාරිකයන්ගේ හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකන් කිසි කෙනෙකුට අනුමැතිය දීලා නෑ ආණ්ඩුවට එකතු වෙන්න. ආණ්ඩුවට ගිය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ වාඩිවෙලා එතුමා කිව්වා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් නම් තමයි අපි යන්නේ කියලා. අනේ ඊට පහුවදා ආණ්ඩුවට එකතු වුණා. අපිට ආරංචි විදියට කැබිනට් එක අමාත්‍යධුර තිහක් සම්පූර්ණ කරලා. රාජ්‍ය අමාත්‍යවරු තව හතළිහක් පත් කරන්න යනවා කියලා. අපි දන්නේ නෑ ඇත්තද බොරු කියලා. මට මතක හැටියට තිලංග සුමතිපාල මහත්තයා කිව්වා මේ අපේ නායකයාට මේ අගමැතිකම දුන්නා නම් මීට වඩා ලොකු වෙනසක් කරනවා කියලා. අනේ දෙයියනේ මම නම් ගන්නෙ නෑ ඔය අගමැතිකම. ඒ මොකද මේ ආණ්ඩුව අදත් ගෙනියන්නෙ පොහොට්ටුව පක්ෂයේ නායකයෝ. මම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අපේ සහෝදර වමේ පක්ෂය සමග ඉදිරියේදී සන්ධානයක් හදලා ස්ථිර වශයෙන් ම ආණ්ඩුවක් හදලා කටයුතු කරනවා කියන එක ඉතාම පැහැදිලිව කියනවා.