27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරිඟු පිටි මිල නිසා බේකරි 2,000ක් වැහිලා

තිරිඟු පිටි මිල නිසා බේකරි 2,000ක් වැහිලා

මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ඉහළ යෑම නිසා බේකරි කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මීට පෙර රුපියල් 85ක් වැනි මිලකට අලෙවි වූ තිරිඟු පිටි කිලෝවක් මේ වනවිට වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 350කටයි.

එමෙන්ම තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50ක් මේ වනවිට රුපියල් 17,000 ඉක්මවා අලෙවි කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් දිවයින පුරා බේකරි 2,000කට අධික සංඛ්‍යාවක් වැසීගොස් ඇති බව එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන අවධාරණය කළේය.