― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalක්‍රිකට් ලොක්කන් 07කගේ රට සවාරිය අර්ජුනගේ අණින් නවතියි

ක්‍රිකට් ලොක්කන් 07කගේ රට සවාරිය අර්ජුනගේ අණින් නවතියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනෙකු එම ආයතනයේ රුපියල් මිලියන ගණනක් වැය කොට විදේශ රටක විනෝද චාරිකාවක් යාමට සැලසුම් කොට තිබියදී එය අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පැවසීය.

ඊයේ (28) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

ක්‍රිකට් ආයතනයේ සිටින නිලධාරීන් හත් දෙනෙක් විදේශ රටක විනෝද චාරිකාවක් යාම සඳහා අනුමැතිය ඉල්ලා තිබුණා. ඒ අයට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකක් පත්, ඒ යන රටවල් වල නැවතීම සඳහා ඉහළම හෝටල්වල පහසුකම් සමග ඔවුන්ට දිනකට ඩොලර් 650ක් ගෙවීමට නියමිතව තිබුණා. අපි ක්‍රීඩා සභාව හැටියට ඊට විරුද්ධ වුණා. මේවා නවත්වනකොට අපිට ප්‍රශ්න එනවා. මම මෙතැනට ආවේ හරි දේ කරන්න. අපි ඉදිරියේදී සොයා බලනවා කොතරම් අනවශ්‍ය පුද්ගලයන් මේ ආකාරයට විදේශගත වී තිබෙනවාද කියා. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි රටට යාම ප්‍රශ්නයක්. රටේ පැත්තෙනුත් ක්‍රිකට් පැත්තෙනුත් බැලූ විට අපිට ලොකු දෙයක් ඉන්න නැති වී තිබෙනවා. එම තරඟාවලිය මේ රටේ පැවැත්වූවා නම් අපේ තණතිලි හදන්නේ අපිට උචිත ආකාරයට. ඩුබායිවල තණතිලි හදන්නේ බොහෝවිට පාකිස්ථානයට ඉන්දියාවට වැනි රටවල් වලට සහාය වන ආකාරයෙන්. අපේ රටේ මේ වෙනකොට තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් පමණයි. එසේ නොමැතිව බෝම්බ පුපුරන ප්‍රශ්නයක් නොවෙයි. තරගාවලිය අපට අහිමි වීම පිළිබඳව පුළුල් විමර්ශනයක් කළ යුතුව තිබෙනවා.