31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් සංස්ථාවට කෝටි 16ක පාඩුවක්

තෙල් සංස්ථාවට කෝටි 16ක පාඩුවක්

ඔටෝ ඩීසල් ඉල්ලුම පියවා ගැනීම සඳහා සුපර් ඩීසල් වෙළෙඳපොළට නිකුත් කිරීමට උපදෙස් ලැබී ඇති බවත් එලෙස සුපර් ඩීසල් මුදාහැරීමෙන් සංස්ථාවට රුපියල් කෝටි 16 කට අධික පාඩුවක් සිදුවන බව සංස්ථාවේ අලෙවි කාර්යාංශය පවසයි.

ඉතිහාසයේ කවර කලකවත් සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 30,000 ක නෞකා එකදිගට ගෙන එන්නේ නැතැයි ද, මේ වනවිට එම සුපර් ඩීසල් තොග ගබඩා කිරීමේ ගැටලුවක් පැන නැගී ඇතැයි ද එහි නිලධාරීහු පවසති.

ඔටෝ ඩීසල් මිලට සුපර් ඩීසල් විකිණීමෙන් එක් ලීටරයකින් සංස්ථාවට රුපියල් 45ක පාඩුවක් අත්ව ඇති බව වාර්තා වනවා.සුපර් ඩීසල් ලීටර මිලියන 36ක් සාමාන්‍ය ඩීසල් (ඔටෝ ඩීසල්) ලෙස අලෙවි කිරීමෙන් සංස්ථාවට රුපියල් දහසය කෝටි විසිලක්ෂයකට අධික පාඩුවක් සිදුවන බව ද ඔවුහු පවසති. මේ වන විට රට තුළ යළිත් ඉන්ධන හිඟයක් මතුව තිබුණත් ඉදිරි දින දෙකෙන් පසුව තත්ත්වය මග හැරෙනු ඇතැයි ඇමැති කංචන විජේසේකර මහතා කියා ඇත.