32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදිගුකාලීන කොවිඩ් තත්ත්වයක් ගැන අනාවරණයක්

දිගුකාලීන කොවිඩ් තත්ත්වයක් ගැන අනාවරණයක්

කොරෝනා රෝග ලක්ෂණ පහළ වීමෙන් මාස තුනකට පසුව ඇතිවන දිගු කොවිඩ් තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර අනතුරු අඟවයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ලොව වටා විශාල පිරිසක් මේ වන විට දීර්ඝ කොවිඩ් රෝගයෙන් පෙළෙන බවත් එයින් බහුතරයක් වයස අවුරුදු 30 – 50 ත් අතර වැඩිහිටියන් බවත් ඔහු එම ට්විටර් සටහනෙන් දක්වා ඇත.

අධික තෙහෙට්ටුව, ව්‍යායාම නොඉවසීම, හුස්ම ගැනීමේ අපහසුතාව, මාංශ පේශි වේදනාව සහ දුර්වලතාවය, පපුවේ වේදනාව, හිසරදය සහ හෘද ස්පන්දන වේගය වේගවත් වීම වැනි රෝග ලක්ෂණ මෙහිදී පිලිඹිබු වන බව වෛද‍යවරයා පවසයි.

දිගු කොවිඩ් හටගන්නේ SARS CoV-2 ආසාදනය විය හැකි හෝ තහවුරු වූ ඉතිහාසයක් ඇති පුද්ගලයන් තුළ සාමාන්‍ය COVID-19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් මාස තුනකට පසුව වන බවත් එම දිගු කොවිඩ් තත්ත්වය මාස දෙකක්වත් පවතින බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.