30 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල අඩු කරන්නැයි ඉල්ලා සජබෙ විරෝධතාවක්

විදුලි බිල අඩු කරන්නැයි ඉල්ලා සජබෙ විරෝධතාවක්

අසාමාන්‍ය ලෙස විදුලි බිල ඉහළ දමමින් ජනතාව පීඩනයට පත්කරන ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (29) පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත විය.

‘දූෂණය නවතනු විදුලි බිල අඩු කරනු – විදුලි බිල අහසට මුළු රටම අඳුරට’ තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිල, මනෝ ගනේෂන්, නලීන් බණ්ඩාර, දිලීප් වෙදආරච්චි, මුජුබර් රහුමාන්, චමින්ද විජේසිරි, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.