29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොළඹ ආරක්ෂාව තර කෙරේ

කොළඹ ආරක්ෂාව තර කෙරේ

අරගලකරුවන් විසින් අද (30) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරයේදී මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා කොළඹ නගරයේ ආරක්‍ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ආරක්‍ෂිත වැඩපිළිවෙළ යටතේ ඩ්‍රෝන කැමරා යොදාගැනීමත්, පොලිස් බුද්ධි අංශ සහ කැරලි මර්දන ඒකකවලද පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම උද්ඝෝෂණයේදී ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව ආරක්ෂක අංශ පවසයි.

එමෙන්ම පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල පිහිටි දියවන්නා ඔය ආශ්‍රිතව විශේෂ නාවික හමුදා කණ්ඩායම් යාත්‍රා යොදවමින් ආරක්‍ෂාව තහවුරු කරන බව නාවික හමුදාව අවධාරණය කරයි.