27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි" - ප්‍රසන්න රණතුංග

“කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි” – ප්‍රසන්න රණතුංග

“කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි. ඒ නිසා බිත්තර කන්න එන නයි පොළොන්ගුන්ට අපි කොටනවා” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (02) පාර්ලිමේන්තුවේදී අද හස් දක්වමිනි.

ප්‍රසන්න රණතුංග මේ බව ප්‍රකාශ කළේ ‘රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ’ යැයි අයවැය විවාදය අරඹමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඉකුත් 31 වෙනිදා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

ජනාධිපතිතුමා ඒ සියල්ල අමතක කරලා රට ගැන හිතලා රට අර්බුදයෙන් ගොඩ ගන්න ඒ අයට ආරාධනා කළා. විපක්ෂය එතුමා කපුටු කූඩුවේ බිත්තර දැමූ කොහෙකුට සමාන කරනවා. එරබදු මල් පිපිලා අවුරුදු එන බව අපිට මුලින්ම කියන්නෙත් කොහා කියලා මතක තියාගන්න. ඔව්, අපි ඒ කොහාට බිත්තර දාන්න අපි අපේ කූඩුව දුන්නා. අපි කැමැත්තෙන් දුන්නේ. කොහා කියලා දැනගෙන දුන්නේ. ඒ නිසා අපි කොහාට කොටන්න යන්නේ නෑ. එතුමා මුලින්ම කුඩු හදන්න උත්සහා කළේ ඔබතුමාලා එක්ක. ඔබතුමාලා තමයි එතුමාට කොටලා එලෙව්වේ.”