― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ලංකාවට සහාය දක්වනවා

ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ලංකාවට සහාය දක්වනවා

ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව ලංකාවට සහාය දැක්වීමට එක්සත් රාජධානිය සූදානම් බව බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබපැතුම් පණිවුඩයක් එවමිනි.

ජනාධිපති වික්‍රමසිංහ රාජ්‍ය නායකයා ලෙස පත්වීම සම්බන්ධයෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියක් අපේක්ෂා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සාර්ථකත්වය බවයි.

ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ස්ථාවරත්වය ඇති කරගැනීම සඳහා සියලු පාර්ශව ඇතුළත් රජයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දරන උත්සාහය පැසසුමට ලක් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එම සුබපැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් දක්වා තිබේ.