27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකාවේ ණය ගැන ජපානයෙන් ඉල්ලීමක්

ලංකාවේ ණය ගැන ජපානයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනය සහ ඉන්දියාව ඇතුළු සියලුම ණය දෙන ජාතීන් රැස්වීම වැදගත් බව ජපානයේ මුදල් අමාත්‍ය – ෂුනිචි සුසුකි පවසා තිබේ.

අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (01) නිල වශයෙන් නිවේදනය කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේදී ලැබෙනු ඇත.

එහිදී මාධ්‍යවේදීන්ගේ ගැටලුවලට පිළිතුරු දෙමින් IMF දූත පිරිසේ ප්‍රධානී පීටර් බෲවර් පවසා ඇත්තේ එක් ණයහිමියෙකු හෝ ණයහිමියන් කිහිපදෙනෙකු මූල්‍ය සහතික ලබා දීමට අකමැති නම් එය සැබවින්ම ශ්‍රී ලංකාවේ අර්බුදය තීව්‍ර කරන අතරම ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාවද අඩපණ කරනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබුණේ ශ්‍රී ලංකාවද චීනය සමඟ ක්‍රියාකාරීව කටයුතු කර කඩිනමින් ඊට පිළියමක් කරා යාමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.