27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලබන වසරේ ගුරු ස්ථාන මාරුවීම් අයදුම්පත් බාරගැනීම අත්හිටුවයි

ලබන වසරේ ගුරු ස්ථාන මාරුවීම් අයදුම්පත් බාරගැනීම අත්හිටුවයි

2023 නව අධ්‍යයන වර්ෂය තෙක් ගුරු ස්ථාන මාරුවීම් හා අනුයුක්ත අයදුම්පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් 2022 අප්‍රේල් මස අයදුම්පත් කැඳ වූ ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධ ගුරු මාරු මණ්ඩල තීරණ 2023 නව අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට පෙර ලබා දෙනු ලබන අතර එතෙක් ගුරු ස්ථාන මාරුවීම් සඳහා නව අයදුම්පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

මේ වන විට ප්‍රවාහන අපහසුතා මත අනුයුක්ත ලබාගෙන ඇති ගුරුවරුන්ගේ අනුයුක්ත 2022 අගෝස්තු 31 දිනෙන් අවසන් වීමට යෝජනා වී තිබුණද අදාළ පාසලේ විදුහල්පතිගේ එකඟතාව ඇත්නම් පමණක් එම ගුරුවරුන්ට එම ලිපිවල සඳහන් දිනය දක්වා අනුයුක්ත පාසලේම සේවය කිරීමේ හැකියාව පවතී.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් අනුයුක්ත ලිපි නැවත නිකුත් නොකරන බව සියලුම විදුහල්පතිවරුන් වෙත දන්වා ඇති බවයි.