31.1 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිමල්ගේ නිවසට හානි කළ තිදෙනෙක් අත්අඩංගුවට

විමල්ගේ නිවසට හානි කළ තිදෙනෙක් අත්අඩංගුවට

පසුගිය මැයි 09 වැනිදා හෝකන්දර ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසට හා එහි දේපලවලට ගිනිතබා අනර්ථය සිදුකළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) හෝකන්දර ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18, 36 හා 38 ක් වන හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.