― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතීරණාත්මක ඉන්දු - ශ්‍රී ලංකා තරගය අද රාත්‍රියේදී

තීරණාත්මක ඉන්දු – ශ්‍රී ලංකා තරගය අද රාත්‍රියේදී

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තවත් තරගයක් අද (06) රාත්‍රියේ ඩුබායි හිදී පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. මේ වනවිට දෙපිළම අවසන් පූර්ව වටයේ එක් තරගය බැගින් ක්‍රීඩා කර ඇති අතර එහිදී ශ්‍රී ලංකාව ඇෆ්ඝනිස්තානය පරාජයට පත් කළ අතර, ඉන්දියාව පාකිස්ථානය හමුවේ පරාජයට පත් වුණා.

ඒ අනුව අද තරගය සඳහා ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් තරග බිමට පිවිසෙන අතර අවසන් පූර්ව වටයේ සහභාගී වූ පළමු තරගය පරාජය වූ ඉන්දියාව අද තරගයට එක්වන්නේ යම් පීඩනයකින් යුක්තවයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවන බවයි ඩුබායිවලින් වාර්තා වන්නේ. ඒ අනුව පසුගිය තරග දෙක ක්‍රීඩා කළ චරිත් අසලංකා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් පවතින බව සඳහන්.

මේ අතර අද තරගය සදහා සිය කණ්ඩායම ඉතා හොඳ සූදානමක සහ යහපත් මානසික තත්ත්වයක සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඩුබායිහිදී පැවති මාධ්‍ය හමුවකට ඊයේ එක්වෙමින්.

එමෙන්ම අද තරගයේදී තම කණ්ඩායම සතුව සිටින ලෝක මට්ටමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි දසුන් වැඩිදුරටත් සඳහන් කළේ.

යම් හෙයකින් අද තරගය ඉන්දියාව පරාජයට පත්වුව හොත් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදුවනවා.