31.1 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිස් ට‍්‍රස් මහා බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරයට

ලිස් ට‍්‍රස් මහා බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරයට

මහා බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍ය ධුරය එරට විදෙස් ඇමැතිනී ලිස් ට‍්‍රස් දිනා ගන්නට සමත් වූවාය.

ඇය ටෝරි සාමාජිකයන් 81326 දෙනකුගේ ඡන්දය ලබා ගත් අතර රිෂී සුනාක්ට හිමි වූයේ 60,399කට ආසන්න ගණනකි.

ඒ අනුව 47 හැවිරිදි ලිස් ට‍්‍රස්ට අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ ඇයට පක්ෂ නායකත්වය හිමිවීමෙන් අනතුරුවය. බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.