31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදිස්ත්‍රික්ක අටකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක අටකට නායයෑමේ අනතුරු ඇඟවීම්

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 41කට නාය යෑමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කර තිබේ.

කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 41කට මෙසේ නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර එයින් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11කට රතු නිවේදන නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කෑගල්ල රුවන්වැල්ල, යටියන්තොට බුලත්කොහුපිටිය, සහ මාවනැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ කලවාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා රතු නිවේදන නිකුත් කර තිබේ.

මෙයට අමතරව තවත් දිස්ත්‍රික් හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස විස්සකට දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.