31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවගා හානි සඳහා වන්දි මුදල් වැඩි කෙරේ

වගා හානි සඳහා වන්දි මුදල් වැඩි කෙරේ

වගා හානි සඳහා රජයේ වන්දි මුදල අක්කරයකට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම රක්‍ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇත.

සහල්, මිරිස්, බඩ ඉරිඟු, අර්තාපල්, ළූණු වගාවන්ට හානි වූ විට අක්කරයකට රුපියල් 40,000ක් මෙතෙක් ලබාදී තිබුණද දැන් එම මුදල රුපියල් 60,000ක් බවට බලධාරීන් තීරණය කර තිබේ.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා රැසක් සිදුව ඇති බවයි.