25.6 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික ආරක්ෂාව ගැන නීති සම්පාදනයට නව කමිටුවක්

ජාතික ආරක්ෂාව ගැන නීති සම්පාදනයට නව කමිටුවක්

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පරිපූර්ණ නීති පද්ධතියක් හඳුන්වාදීමට කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි විසින් කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

ඒ අනුව අදාළ කමිටුව අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කිරීමටයි යෝජනා වී තිබේ.

ඒ අනුව දැනට පවතින ත්‍රස්ත විරෝධී නීතිවල දුර්වලතා මගහරවා ගැනීමත්, එවැනි ක්‍රියාවලට මුහුණදීමත්, නීතිය බලාත්මක කිරීමත්, විමර්ශන හා අධීක්ෂණ ක්‍රියාවලින් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙම කමිටුව කටයුතු කිරීමට නියමිතයි.