― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසුරේෂ් රයිනා ක්‍රීඩා පිටියට සමුදෙයි

සුරේෂ් රයිනා ක්‍රීඩා පිටියට සමුදෙයි

ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ඨ වමත් පිතිකරුවෙකු වන සුරේෂ් රයිනා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

සුරේෂ් රයිනා 2020 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේ මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කිරීමත් සමඟයි. 2005 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එක්දින තරගයකදී ඉන්දියාව නියෝජය කිරීමට අවස්ථාව හිමිකරගත් සුරේෂ් රයිනා එතැන් සිට 2018 වසර දක්වා අඛණ්ඩව ඉන්දීය කණ්ඩායම නියෝජනය කළා.

2018 වසරේ ජූලි මාසයෙන් පසු 2020 දක්වා ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කර ගැනීමට නොහැකි වූ ඔහු, ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට දැනුම්දීමත් සමඟ රයිනා ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට නිවේදනය කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ මෙම වමත් පිතිකරුවා 2021 වසරේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමට එරෙහිව සිය අවසන් අයි.පී.එල්. තරගය ක්‍රීඩා කළා.

එම තරගාවලිය තුළ එතරම් දක්ෂතා දැක්වීමට නොහැකි වූ රයිනාට 2022 වසරේදී සිය කණ්ඩායම තුළ ස්ථානයක් ලබාදීමට චෙන්නායි සුපර් කිංග්ස් හිමිකාරිත්වය කටයුතු කළේ නැහැ. ජාත්‍යන්තර ටෙස්ට් තරග 18ක් එක්දින තරග 226ක් විස්සයි විස්ස තරග 78ක් සහ අයි.පී.එල් තරග 205කට ක්‍රීඩා කර ඇති රයිනා මේ වනවිට ක්‍රිකට් දිවියට ආයුබෝවන් කියා අවසන්.