― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන තානාපති නැගෙනහිර පළාතේ සංචාරයක

චීන තානාපති නැගෙනහිර පළාතේ සංචාරයක

මෙරට චීන තානාපති චී ෂෙන්හෝන් නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වී ඇති බව වාර්තා වෙයි.

ඊයේ (06) පස්වරුවේ චීන තානාපතිවරයා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ද හමු වී ඇති අතර එහිදී ඔහු විසින් නැගෙනහිර පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් සන්නිවේදන හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණ මත ඩිජිටල් තිර 20ක් ප්‍රදානය කර තිබේ.

එමෙන්ම නැගෙනහිර පළාතේ පාසල් සඳහා සුර්යබලයෙන් ක්‍රියාත්මක වන විදුලි ලාම්පු සවි කිරීම සඳහා ගිවිසුමකටද අත්සන් තබා ඇත.