27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews22 පිළිබඳ තීන්දුව අද පාර්ලිමේන්තුවට

22 පිළිබඳ තීන්දුව අද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

එහිදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශව කිහිපයක් විසින් අධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබුණා. අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණා.

එහිදී ඉදිරිපත් කරනු ලැබු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ විනිසුරු මඩුල්ල එහි තීන්දුව කථානායකවරයා වෙත ඉදිරිපත් කරන බවයි පසුගිය අගෝස්තු 23 වනදා දැනුම් දුන්නේ.

ඒ අනුව අද (06) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එම තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.