29.5 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහයර් දුවන ත්‍රීවිල්වලට වැඩිපුර තෙල්

හයර් දුවන ත්‍රීවිල්වලට වැඩිපුර තෙල්

පූර්ණ කාලීනව කටයුතු කරන වෘත්තීයමය ත්‍රිරෝද රථ රියදුරන් හඳුනාගෙන ඔවුන්ට ලබාදෙන ඉන්ධන සලාකය වැඩි කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී ඇමැතිවරයා එහි ආරම්භක වැඩපිළිවෙළක් ලෙස පසුගිය සති පහ පුරා, පොලිස් ස්ථාන මට්ටමින් සහ පළාත් පාලන මට්ටමින් ත්‍රිරෝද රථ ලියාපදිංචිය ආරම්භ කළ බවත් කීවේය.

මේ වන විට කිව්.ආර්. ක්‍රමය ඔස්සේ ත්‍රිරෝද රථ දසලක්ෂ හතළිස් තුන් දහස් එකසිය දහසයක් ලියාපදිංචි වී තිබෙන බවත් ඒ අතුරින් ත්‍රිරෝද රථ නව ලක්ෂ තිස් නව දහස් හාරසිය හතළිස් හතක් පසුගිය සතිය තුළ ඉන්ධන ලබාගෙන ඇති බවත් ඇමැතිවරයා කීය.