31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙහිවල සත්වෝද්‍යානයේ 'කෙල්ල' මියයයි

දෙහිවල සත්වෝද්‍යානයේ ‘කෙල්ල’ මියයයි

දෙහිවල සත්ව උද්‍යානයේ ‘කෙල්ල’ නැමැති සුරතල් නාමයෙන් හඳුන්වනු ලබන ව්‍යාඝ්‍ර මව පෙරේදා (05) මියගොස් ඇති බව එම උද්‍යානය පවසයි.

දරුණු පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි මෙම බෙංගාලි ව්‍යාඝ්‍ර ධේනුව ඉකුත් මාර්තු 05 වැනිදා අකිරා, ඩුමා සහ ලියෝ යන නම්වලින් හැඳින්වෙන ව්‍යාඝ්‍ර පැටවූ තිදෙනා බිහි කරනු ලැබුවාය.

මෙම ව්‍යාඝ්‍ර මව 2008 වසරේදී චීනයේ Xiangjiang Safari උද්‍යානයෙන් සත්ත්ව හුවමාරු වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන එනු ලැබීය.