25.6 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමන්දපෝෂණය තුරන් කිරීමට ගීතාගෙන් විසඳුමක්

මන්දපෝෂණය තුරන් කිරීමට ගීතාගෙන් විසඳුමක්

මන්දපෝෂණය නැති කිරීම සඳහා සරළ විසඳුමක් තමන් සතුව ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය.

ඊයේ (08) රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් හඳුනා ගැනීම සඳහා දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් දියත් කරන බවත් එසේ හඳුනා ගන්නා දරුවන්ට කඩිනමින් අධිපෝෂණය සහිත ආහාර වේලක් ලබාදෙන බවත් ඇමතිවරිය එහිදී ප්‍රකාශ කළාය.

මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා තමන් උපරිම උත්සාහ ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ජනතාව පාරට බැස පරණ මුහුණු වෙුනවට අලුත් මුහුණු ඉල්ලා සිටි නමුත් නැවතත් පරණ මුහුණුම ඇමති තනතුරුවලට පත්ව සිටින බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ තමන් අලුත් මුහුණක් මිස පරණ මුහුණක් නොවන බවයි.

ඒ නිසා අරගලකරුවන්ගේ විරෝධය තමන්ට එල්ල නොවනු ඇතැයි බලා‌පොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.