ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේදී මෙතෙක් නොතිබූ මෝටර් රථ නොවන කාණ්ඩ ලියාපදිංචි කිරීම අළුතින් එක්කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අද නිවේදනය කළේය.
විදුලි ජනක, තනකොළ කපන යන්ත්‍ර වැනි උපකරණ සඳහා මෙතෙක් ඉන්ධන ලබාගනීමට අපහසුතාවයක් පැවතුනත් මේ වන විට එම යන්ත්‍ර වලටද QR පහසුකම ලබාදී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
ICTA ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට දැනුම් දෙන බවයි.


