26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපසුගිය වසර දෙකේදී රාජපක්ෂවරුන්ට සොරකම් චෝදනා නැහැ - සාගර කාරියවසම්

පසුගිය වසර දෙකේදී රාජපක්ෂවරුන්ට සොරකම් චෝදනා නැහැ – සාගර කාරියවසම්

පසුගිය වසර දෙක තුළ රාජපක්ෂවරුන්ට එරෙහිව කිසිදු සොරකම් චෝදනාවක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) කෑගල්ල ප්‍රදේශයේ පැවති පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“මේ අවුරුදු දෙක තුළ රාජපක්ෂලා හොරකම් කළා කියලා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. රට ගැන දැනුමක් නැති, දේශපාලන දැනුමක් නැති, පාලනයක් ගැන දැනුමක් නැති මිනිස්සු ඒවා විශ්වාස කරනවා. මොකද පහුගිය අවුරුදු දෙකේ කාටවත් හොරකම් චෝදනා එල්ල වෙලා නැහැ. පසුගිය කාලයේ ඔවුන්ට තවත් චෝදනා එල්ල වුණා.
මෙවර රාජපක්ෂ ආණ්ඩුවට එක චෝදනාවක්වත් එල්ල වුණේ නැහැ. පක්‍ෂයේ නායක මහින්ද රාජපක්‍ෂ තවමත් ශක්තිමත්ව පක්‍ෂය සමඟ සිටිනවා. ඒ ශක්තියෙන් පක්ෂය කිසිම ගැටලුවක් නැතිව ඉදිරියට යනවා.”