― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාවේ කඩාවැටීමට දේශපාලකයන් වගකිව යුතුයි - සමන්තා පවර්

ශ්‍රී ලංකාවේ කඩාවැටීමට දේශපාලකයන් වගකිව යුතුයි – සමන්තා පවර්

දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.

ඇමෙරිකා තනාපති කාර් යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවර් මහත්මිය මේ බව පැවැසුවාය.

ශ්‍රී ලංකාවේ ආර් ථික අර් බුදය හේතුවෙන් ජනවාව විඳින්න දුෂ්කරතා දැක තමන් කනගාටුවට පත් වූ බවත් අධික ණය බර, වංචා හා දූෂණ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙන්ම දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය මෙම තත්ත්වයට මූලික හේතුව බවත් පවර් මහත්මිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාවට ආධාර ලැබූ පමණින් මෙම අර් බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් ඒ සඳහා ආර් ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සමාන්තරව ක්‍රියාත්මක විය යුතු බවත් ආර් ථික හා දේශපාලනික වගවීම අවශ්‍ය බවත් අවධාරණය කළාය.

දේශපාලකයන් මෙන්ම රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබාගැනීමට තැත්කරන බව ඇය අවධාරණය කළාය. ශ්‍රී ලංකාවට අතිරේක සහායක් ලෙස ඇමෙරිකා ඩොලර් කෝටි 6ක මුදලක් ලබා දෙන ලබා දෙන බව ද සමන්තා පවර් මහත්මිය පැවසුවාය.