― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටියකට වාලම්පුරියක් විකුණන්න ගිය අයෙක් අත්අඩංගුවට

කෝටියකට වාලම්පුරියක් විකුණන්න ගිය අයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.විශේෂ කාර්‍ය බලකායේ අම්පාර කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත්තේ ඊයේ (11) අම්පාර පොලිස් වසමේ දියි.

උපාය දූතයෙකු යොදා දූරකථන මාර්ගයෙන් වාලම්පුරිය අලෙවියට තැත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගනිමින් මෙම වැටලීම සිදු කර තිබුණා.

මෙම සැකකරු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකු වන අතර, ඔහු විසින් මෙම වාලම්පුරිය පැපුවානිව්ගිනියාව රාජ්‍යයේ පෞද්ගලික භාණ්ඩ අලෙවිසැලකින් සොරාගෙන ගුවන් මගින් මෙරටට ගෙන එමින්, සූක්ෂ්ම ලෙසින් රේගුවට හසුනොවෙන්න රැගෙන ගොස් ඇති බව ද හෙළි වී තිබෙනවා.අදාළ පුද්ගල‍යා කලක් පැපුවානිව්ගිනියා රාජ්‍යයේ සේවය කළ අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අම්පාර පොලිසිය සිදු කරනවා.