― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකුකුල් මස් හා බිත්තරවල උග්‍ර හිඟයක්

කුකුල් මස් හා බිත්තරවල උග්‍ර හිඟයක්

ඉදිරි කාලයේදී දැනටත් වඩා බිත්තර හා කුකුල් මස් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව කුකුළු කර්මාන්තකරුවන් කියා සිටිති.

2021 වසරේ කිකිළියන් 80,000ක් මෙරටට ආනයනය කළද මෙම වසරේ එය 7000 දක්වා අඩුවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.

මෙම වසරේදීද කුකුල් මස් හා බිත්තර නිෂ්පාදනය විශාල වශයෙන් පහත වැටී ඇතැයි ද ඔවුන් කෘෂිකර් ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවති සාකච්ඡාවකදී පෙන්වා දී ඇත.

ඊට අමතරව කුකුළු ආහාරවල මිල විශාල වශයෙන් ඉහළ යාමත් මෙරට බඩ ඉරිඟු නිෂ්පාදනය පහත වැටීමක් කර් මාන්තය කෙරෙහි දැඩිව බලපා ඇතැයිද ඔවුන් එහිදී පෙන්වා දී තිබේ.