29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsණය ප්‍රතිව්‍යුහගතකරණයට සාකච්ඡා ඇරඹෙයි

ණය ප්‍රතිව්‍යුහගතකරණයට සාකච්ඡා ඇරඹෙයි

චීනය, ජපානය සහ ඉන්දියාව සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් වන ලැසාර් ඩ් ආයතනය සාකච්ඡා ආරම්භ කර ඇත.

යම් එකඟතාවයකට පැමිණීමේ අරමුණින් මෙම සාකච්ඡා ආරම්භ කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවශ්‍ය මූල්‍ය සහනය ලබාගැනීමට මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍ය බව වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය.

ශ්‍රී ලංකා බලධාරීන් පසුගිය මැයි මාසයේදී මූල්‍ය උපදේශකයින් වන ලැසාර් ඩ් ආයතනයේ සේවය ලබාගැනීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාවේ ණය ඩොලර් බිලියන 85 සිට ඩොලර් බිලියන 100 ඉක්මවා ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර චීනය, ජපානය සහ ඉන්දියාවට ඩොලර් බිලියන 13ක් පමණ ණයක් ශ්‍රී ලංකාව ගෙවිය යුතුය.