28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස හරහා සහල් මිලදී ගැනීමේ තීරණයක්

සතොස හරහා සහල් මිලදී ගැනීමේ තීරණයක්

සතොස හරහා සහල් මිලදී ගැනීමට සහ විකිණීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

සහල් අලෙවි මණ්ඩලයට සහල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සහල් මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

සහල් මිලදී ගැනීමට අදාළ ජීවන වියදම පිළිබඳව අනුකමිටුව තුළ සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

රටේ ආහාර සංචිත හිඟයක් ඇතිවේ යැයි බියෙන් ආරම්භ වූ සහල් ආනයනය ක්‍රමානුකූලව අඩු කර පසුව නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.