අරගලයේදී ජීවිත පූජා කළ හා තුවාල ලැබූ අරගලකරුවන් සිහිපත් කිරීම සඳහා ගාලු මුවදොර පිටියේ පැවති සැමරුමකදී තමන් සිටි මෝටර් රථයේ සවි කර තිබූ නළාව ‘කපුටු කාක් කාක්’ යන රිද්මයෙන් හැඬවීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවේ නීතිඥවරයා නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේය.
කිසිවෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමේදී නිසි පරිදි නීතිය පිළිබඳව අධ්‍යයන කිරීමෙන් අනතුරුව නඩු පවරන ලෙසට කොටුව පොලිසියට දැඩි ලෙස අවවාද කළේය.