― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsනෙළුම් කුළුණ හෙට විවෘත කෙරේ

නෙළුම් කුළුණ හෙට විවෘත කෙරේ

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකෙරුණු නෙළුම් කු‍ලුනේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ කිරීමට නියමිතය.

2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන දින අවසන් කෙරුණු අතර ඒ සඳහා චීන සමාගම විසින් ලබාදුන් ණය මුදලේ ගෙවීම් කටයුතු 2024 වසරේදී අවසන් කිරීමට නියමිතය.

හෙට සිට නෙළුම් කුලුන ජනතාව සඳහා විවෘත කිරීමත් සමඟ රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පත්‍ර මිලදී ගනිමින් ඊට පිවිසීමේ හැකියාව පවතී.