26.1 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලර් නැතුව තෙල් නැව් තුනක් වරායේ සිරවෙයි

ඩොලර් නැතුව තෙල් නැව් තුනක් වරායේ සිරවෙයි

ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවලට ගෙවීම් කිරීමට මෙතෙක් නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එක් බොරතෙල් නෞකාවක් සති 3 කට ආසන්න කාලයක් කොළඹ වරායේ නැංගුරම් ලා තිබුණද ඊට මුදල් ගෙවීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති අතර තවත් ඩීසල් නෞකා 2ක් සතියකට අධික කාලයක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේවෙතත් නෞකා සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කර පියවර ගන්නා බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.