27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දියාව තුළ 'මැණිකේ මගේ හිතේ' යළි කරළියට

ඉන්දියාව තුළ ‘මැණිකේ මගේ හිතේ’ යළි කරළියට

‘මැණිකේ මගේ හිතේ’ ගීතයත් සමග ලෝකයේම කතා බහට ලක්වූ ශ්‍රී ලං‍කාවේ යොවුන් ගායිකා යොහානි ද සිල්වා තවත් මුල් පෙළේ බොලිවුඩ් සිනමාපටයකට සිය ගායක දායකත්වය ලබා දීමට සූදානම් වෙයි.

‘තෑන්ක් ගෝඩ්’ නම් නවතම හින්දි චිත්‍රපටයට මැණිකේ මගේ හිතේ ගීතයේ, හින්දි පිටපතක් යොදා ගන්නා බව එහි අධ්‍යක්‍ෂ ඉන්ද්‍ර කුමාර් මාධ්‍ය වෙත සදහන් කර තිබේ.

එම චිත්‍රපටය ලබන වසරේ එළිදැක්වීමට සැළසුම් කර තිබේ. එම චිත්‍රපටයට ජනප්‍රිය බොලිවුඩ් නළු අජේ දෙව්ගන්, සිද්ධාර් ත් මල්හෝත්‍රා සහ රාකුල් ප්‍රීත් සිං ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායකවෙයි. මෙම හින්දි ගීතයේ පද රචනා කර ඇත්තේ ‘රශ්මි විරාග්’ විසිනි.

තෑන්ක් ගෝඩ් චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා නිෂ්පාදක මඩුල්ලට සිය කෘතඥතාව පළ කරන බවයි යොහානි පවසන්නේ. මේ සදහා තමන් ඉදිරියේදී ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන බවද ඇය පවසා සිටියි.