27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන ගොඩබෑම ඇරඹේ

ඉන්ධන ගොඩබෑම ඇරඹේ

මෙරටට රැගෙන ආ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් සහ සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් ගොඩබෑමේ කටයුතු අද (16) ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මීට අමතරව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක්ද ගොඩබෑම් කටයුතු දින 02කට පෙර ආරම්භ කළ බවත් එම කටයුතු හෙට (17) උදෑසන විට අවසන් කිරීමට නියමිත බවත් එමෙන්ම තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සඳහා ගෙවීම් කටයුතු සිදුකිරීමෙන් පසුව එහි ගොඩබෑම් කරයුතු සිදුකිරීමට නියමිත බවත් කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.